Mother ஸ்ரீ ලංකා සංවිධානය විසින් වෙළඳ පොළට ඉදිරිපත් කරන දේශාභිමානී භාණ්ඩ එකතුවෙහි බොහෝ අංග ඒවා නිෂ්පාදනය කරන දිරිය කතුන්ගේ සිහින සැබෑ කර ගැනීමට බැඳුනු සුවිශේෂි පුවතක් ගෙනහැර දක්වයි.  සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායිකවන්ගේ  දක්ෂතා සහ නිර්මාණාත්මක හැකියා හඳුනා ගනිමින්, ඒ හරහා මෙම කාන්තාවන්ගේ පවුල් නගා සිටුවීමට උදව් කරන අතරම මව්බිමේ උරුමය සහ සංස්කෘතික අභිමානය නිරුපණය කරණ ශ්‍රී ලාංකීය අත්කම් නිමවුම් එළිදැක්වීමේ උත්සාහයක Mother ஸ்ரீ ලංකා නිරත වේ.

අනේක වැඩ රාජකාරි අතර, දිනපතා අලුයම හා මැදියම් රැයෙහි මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා කාලය වෙන් කර ගන්නා මොවුන්  සිය දරුවන් සුරක්ෂිතව නිදන විට මද ආලෝකය සහිත මුළුතැන්ගෙය තුළ දී තේ කෝප්පයක් සාදා ගෙන පටු  ඉඩකඩක සිය කාර්යය ඉටු කරයි.  එමගින් මෙම කාන්තාවන් සිය පවුල පවත්වාගෙන යන අතරම අසල්වැසියන් සමගද සිය දැනුම හුවමාරු කර ගනිමින් ඔවුන්ට ද මේ සඳහා අවස්ථාව ලබා දේ.  මෙම කාන්තාවන්ගේ කටුක ජීවිතය සහ අත්නොහරින ධෛරය හදුනාගත් Mother ஸ்ரீ ලංකා ඔවුන්ගේ ජිවිත වල සැබෑ වෙනසක් සඳහා උපකාර කරන අතරම මේ හරහා ප්‍රජාවද සජිවිකරණය කරනු ලැබේ.  කාන්තාව විසින් ළමයා සහ සමාජය ගොඩනැංවීමත්, එම සමාජය විසින් ගම සහ රට ගොඩනැංවීමත් යන සංකල්පය තුලින් ඉදිරියට යන Mother ஸ்ரீ ලංකා, මෙම වැඩසටහන්  තුළින්   විශේෂයෙන්ම අපේක්ෂා කරන්නේ බලසතු වීමෙන් දිවිමග වෙනස් කරගත් කාන්තාවන් ප්‍රජාවේ යහපැවැත්ම උදෙසා ද ක්‍රියා කිරීමයි.

2008 දී, ස්වාධින ලාභ නොලබන, පුණ්‍යායතනයක් ලෙස ඇරඹෙන Mother ஸ்ரீ ලංකා  රාජ්‍ය, පුද්ගලික ආයතන වල සේවය කරන වෘත්තීකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් කළමනාකරණය කෙරේ. Mother ஸ்ரீ ලංකා මව්බිමට සුභවාදී අනාගතයක් උදා කිරීමට ක්‍රියාකාරී වේ. 2016 දී Mother ஸ்ரீ ලංකා ස්වකිය විෂය පථය පුළුල් කළ අතර ජාතික මට්ටමේ පාසැල් ව්‍යාපෘතියක් වන Project Run සහ පෙර පාසල් තුලින් වගකීම් සහගත පුරවැසියන් වීම පිළිබඳව පාසැල් දරුවන්ට අවබෝධය ලබාදෙන අතර කාන්තා සංවර්ධන සහ ජිවනෝපාය සංවර්ධන වැඩසටහන් සෙසු වැඩසටහන්  අතර ප්‍රධාන වේ.

 තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ යන විලියම් රෝස් වැල්ස්ගේ ප්‍රකට කියමන අනුව බලසතුකරණය වූ  කාන්තාව ලොව වෙනස් කිරීමට මාවත සකසන අතරම සිය දරුවන් ද  එම  අදහස් වලින් පෝෂණය කරන්නීය. Mother ஸ்ரீ ලංකා නිර්මාතෘ සහ සභාපතිනි ආචාර්ය ජානකී කුරුප්පු මහත්මිය නව වැඩසටහන් ඇරඹීමේදී මෙම අදහස් මුලික කර ගන්නා අතර, ඒ අනුව ස්‌වයං රැකියාවක් ලෙස අලංකාර ශ්‍රී ලාංකීය සිහිවටන නිෂ්පාදනය කරනු ලබන කාන්තවන් රැසක් Mother ஸ்ரீ ලංකා වටා ඒකරාශී වි ඇත. ඇගේ දැඩි විශ්වාසය නම් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීමට නම් කාන්තාවන් ආර්ථිකව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය වන බවයි.  Mother ஸ்ரீ ලංකා වෙළඳ භාණ්ඩ 100% ශ්‍රී ලාංකිකයන් අතින් නිමවුණු අත්කම්ය.  ස්වයං රැකියා කරන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ඔවුන්ගේ නිෂ්පාදන  නිර්මාණයේදී , ඇසුරුම් කිරීමේදී, ව්‍යාපාර කළමනාකරණයේදී සහ අලෙවිකරන්යේදී Mother ஸ்ரீ ලංකා උපකාර කරනු ලබයි.  තවද ප්‍රතිලාභීන් තුළ විශේෂ කුසලතා ඇති කිරීම උදෙසා පුහුණු කිරීමද,එසේම  නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට  නව වෙළඳපොළ හඳුන්වා දීමට ද අදහස් කරයි.

Mother ஸ்ரீ ලංකා විසින් අලෙවි කරන කුමන හෝ සිහිවටනයක් මිලදී ගැනීමට  ඔබ තීරණය කරයි නම්, සැබවින්ම එය අපගේ ප්‍රජා සංවර්ධන අරමුදලට දායක වීමක් පමණක් නොව ජීවිතය ජය ගන්නට වෙර දරන ශ්‍රී ලාංකික මවකට ද උපකාර කිරීමකි. Mother ஸ்ரீ දේශාභිමානී භාණ්ඩ එකතුව තෝරාගත් ලක්සල, ආර්පිකෝ සහ කීල්ස් ප්‍රදර්ශනාගාර වලින් සහ අන්තර්ජාලය මගින් www.mothersrilanka.lk වෙතින් මිලදී ගෙන ගෙදරටම ගෙන්වාගත හැක.